ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය

ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය - උඩුගම Sri Shasanalankararama Purana Maha Viharaya - Udugama ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය - උඩුගම Sri Shasanalankararama Purana Maha Viharaya - Udugama

බෝධිරාජ පෙරහර මංගල්‍යය

ගා/උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ දහම් පාසලේ සිසු දරුවන් උදෙසා, 2026.03.15 දින සිට සෑම ඉරිදා දිනකම පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමේ සමාජ සුබසාධන වැඩසටහනක් ආරම්භ කිරීමට වටවල වැවිලි සමාගමේ ඉහළ කළමනාකාරීත්වය විසින් ගත් තීරණය අනුව එහි සමාරම්භක අවස්ථාව 2026.03.15 වන දින සාර්ථකව ක්‍රියාත්මක විය.

1931 වසරේ ආරම්භ කරන ලද, මෙම දහම් පාසල උඩුගම කොට්ඨාසයේ ඉපැරණිම දහම් පාසලක් වන අතර, දරුවන්ගේ දහම් අධ්‍යාපනයට මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවයට ද අගය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

මෙම වටිනා අවස්ථාව දහම් පාසලට ලබා දීම පිළිබඳව වටවල වැවිලි සමාගමට විශේෂ ස්තූතිය පුද කළ විහාරාධිකාරී සාරානන්ද හිමියන්, මෙම සද්කාර්යය සාර්ථක කර ගැනීමට විශේෂ කැපවීමක් දක්වන ලද ජේෂ්ඨ මානව සම්පත් කළමනාකාර ගයාන් දෙහිදෙණිය මැතිතුමා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ප්‍රේමචන්ද්‍ර මැතිතුමා වෙතද ඉහළින් කෘතඥතාව පළ කළහ.

මෙම සත්කාර්යය පිළිබඳව දෙමාපියන් ද ඉතා උණුසුම් ලෙස අගය පළ කළහ.

මෙදින සිසු දරුවන් සඳහා පිරිනමන ලද පෝෂ්‍යදායී දිවා ආහාර වේල ලෙස,

බිත්තර ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල්, වෙජිටබල් චොප්සි සහ කිරි පැකට් ලබා දෙන ලදි.

අනාගතයේ මේ රටේ වටිනා පුරවැසියන් වන දහම් පාසල් සිසු දරුවන්ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ මෙම සත්කාර්යය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වටවල වැවිලි සමාගමට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.