උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානය
විසින් ඉදිරිපත් කරනු ලබන
ශ්‍රී මහා බෝධිරාජ
පෙරහර මංගල්‍යය
සංස්කෘතික කටයුතු
අප විහාරස්ථානයේ උරුමය සහ බැතිමතුන්ගේ ආගමික හා සංස්කෘතික ජීවිතය වඩාත් අර්ථවත් කරන්නට මේ අංශය කැප වී සිටී. විශේෂයෙන්ම, වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යය, වෙසක් පොහොය අසිරිමත් කරමින් දල්වන පහන් වැටි සහ විසිතුරු සැරසිලි, මෙන්ම බුදු ගුණ ගායනා ඇතුළු විවිධ උත්සව සහ වැඩසටහන් මෙයින් ආවරණය කෙරේ.
ආගමික කටයුතු
උඩුගම ශාසනාලංකාර පුරාණ මහා විහාරය ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් ලෙස, බුදු දහමේ ඉගැන්වීම් සමාජගත කිරීමට ඉමහත් මෙහෙවරක් ඉටුකරයි. විශේෂයෙන්ම, බුද්ධ පුත්‍රයන්ගේ ශාසනික ගමන් මඟ සවිමත් කරමින් පවත්වාගෙන යනු ලබන දහම් පාසල, දරු දැරියන්ගේ නැණ ගුණ වඩවමින් අනාගත පරපුරට යහපත් මඟ පෙන්වීමක් සපයයි. මීට අමතරව, වැඩිහිටියන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් නිතිපතා භාවනා වැඩසටහන් සහ සිල සමාදාන සංවිධානය කෙරෙන අතර, බුද්ධෝත්පාද සමයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින මහා පින්කම මඟින් විහාරස්ථානයේ පුණ්‍යකර්ම උත්කර්ෂවත් ලෙස සම්පූර්ණ කරනු ලැබේ.
අනාගත සැලසුම්
අප විහාරස්ථානයේ මූලිකත්වයෙන්, බැතිමතුන්ට සහ භාවනායෝගීන්ට ඉතා නිස්කලංක පරිසරයක භාවනා කටයුතු සිදු කරගෙන යාම සඳහා විශේෂ භාවනා කුටි ඉදිකිරීමේ අනාගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙමු.
මෙම විහාරස්ථානය මගින් අනාගතයේදී අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පාසල් සිසුන් හට පොත්පත් බෑග් ආදිය පරිත්‍යාග කිරීමටත්, ඒ වගේම සෞඛ්‍ය අවශ්‍යතා සදහා උපකාර කිරීමටත් විශේෂ වැඩසටහන් දියත් කිරීමට අපේක්ෂා කෙරේ.
විහාරස්ථානයේ දායකත්වයෙන්, සමාජයේ දුෂ්කරතා විඳින සහ අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට සරණක් වීමට අවැසි ආහාර, නවාතැන් ආදී අනෙකුත් ආධාර ලබාදීමේ වැඩසටහන් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.
සමාජීය කටයුතු
අප විහාරස්ථානය මගින් සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ යටතේ ප්‍රදේශයේ පරිසරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන, රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ කඳවුරු සහ දානමය පින්කම් නිතිපතා සංවිධානය කෙරේ. මෙමගින් ජනතාව අතර සහයෝගීතාවය සහ කරුණාව වර්ධනය කිරීම අපේ අරමුණයි.